ත්‍රී රෝද රථවලට අමතර උපාංග සවි කරන්න අවසර

ත්‍රී රෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා නිර්නායක කිහිපයකට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා.

ඒ ත්‍රී රෝද රථ හිමිකරුවන් දිගින් දිගටම සිදු කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව මෝටර් වාහන පනතට (2023 වන අධිකාරී) අනුකූලව මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රී රෝද රථවල) අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය කිරීමේ කටයුතු සඳහා නිර්ණායකයන් කිහිපයක් යටටත් අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මෙම නියෝග පසුගිය 10 වනදා (2023-07-10) සිට බලාත්මක වනවා.

මාර්ග භාවිත කරන්නන්ට අනතුරක් හෝ අවහිරයක් නොවන පරිදි අලංකරණය සඳහා පමණක් තියුණු දාර රහිත ඉනිමගක් රථයේ පිටුපසින් සවි කිරීමට රුපියල් 1000ක ගාස්තුවක් ගෙවීමෙන් අනතුරුව සිදු කර ගත හැකියි.

තනි ප්‍රධාන පහන් සහිත ආකෘතිය වෙනස් කර ද්විත්ව ප්‍රධාන පහන් සවි කිරීමට රුපියල් 2500ක් ගෙවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගත යුතු වනවා.

ප්‍රධාන පහන් වෙනුවට එල් ඊ ඩී පහන් සවි කිරීම වෙනුවෙන් රුපියල් 1000ක් ගෙවිය යුතුයි.

ගුවන්විදුලි යන්ත්‍ර රැඳවීමේ උපකරණ ඉදිරි මධ්‍ය පැනලයට වම් පස කොටසේ ඇතුලුවීමට හා පිටවීමට බාධාවක් නොවන ලෙසට සවි කළ හැකි අතර ඒ සඳහා ගාස්තු අය කිරීමක් සිදුවන්නේ නැහැ.

එමෙන්ම ප්‍රධාන පහන්වලට දෙපසින් වාහනයේ පළල සීමාව ඉක්මවා නොවන පරිදි සංඥා පහන් සහ නවතා තැබීමේ පහන් සවි කිරීමට, ඉදිරි වා මුවාවට ඉහළින් සන් වයිසරයක් සවි කිරීමට මෙන්ම ඉදිරිපස රෝදයට සම්බන්ධ ප්ලාස්ටික් මඩ්ගාඩ් වෙනුවට ලෝහ තහඩුමය මඩ්ගාඩයක් සවි කිරීමට ද ගාස්තු අය කෙරෙන්නේ නැහැ.

Three Wheel1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12