ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාවක් පැනවීමට රජය විසින් තවමත් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට අද (25) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පසුගිය දා ගාල්ලේ පැවති උත්සවයක දී අදහස් දක්වමින් පැවසුවා.













