තවත් තල්මසෙකුගේ සිරුරක් කුරුසපාඩුව වෙරළේ (ඡායාරූප)

මිය ගිය තල්මසෙකුගේ සිරුරක් හලාවත – කුරුසපාඩුව ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.

අඩි 20ක් පමණ දිගකින් යුත් මෙම මිය ගිය තල්මසාගේ සිරුර ඊයේ (20) පස්වරුවේ මුහුදු වෙරළට ගොඩගසා ඇති බවයි වාර්තා වුණේ.

මෙම සත්වයා ඊයේ (20) දහවල් කාලයේ හලාවත මෝය ආසන්නයේ සැරිසරමින් සිටිය දී ධීවරයින් විසින් ගැඹුරු මුහුදට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (20) පස්වරුවරුව වන විට මෙම තල්මසාගේ මියගිය සිරුර මෙලෙස කුරුසපාඩුව වෙරළට ගොඩ ගසා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර පසුගිය දා බම්බලපිටිය වෙරළට ද මිය ගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබිය දී සොයා ගැනීමට හැකි වුණා.

වනජීවී නිලධාරීන් සඳහන් කළේ හලාවත – කුරුසපාඩුව වෙරළට ගොඩ ගසා ඇත්තේ ද එවැනිම වර්ගයේ තල්මසෙකුගේ සිරුරක් බවයි.

කුරුසපාඩුව වෙරළෙන් හමුවූ තල්මසාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිකවැරටිය ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය විසින් සිදුකිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53