AFC Banner
AFC Banner
Empty Ad

තවත් තල්මසෙකුගේ සිරුරක් කුරුසපාඩුව වෙරළේ (ඡායාරූප)

මිය ගිය තල්මසෙකුගේ සිරුරක් හලාවත – කුරුසපාඩුව ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.

අඩි 20ක් පමණ දිගකින් යුත් මෙම මිය ගිය තල්මසාගේ සිරුර ඊයේ (20) පස්වරුවේ මුහුදු වෙරළට ගොඩගසා ඇති බවයි වාර්තා වුණේ.

මෙම සත්වයා ඊයේ (20) දහවල් කාලයේ හලාවත මෝය ආසන්නයේ සැරිසරමින් සිටිය දී ධීවරයින් විසින් ගැඹුරු මුහුදට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (20) පස්වරුවරුව වන විට මෙම තල්මසාගේ මියගිය සිරුර මෙලෙස කුරුසපාඩුව වෙරළට ගොඩ ගසා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර පසුගිය දා බම්බලපිටිය වෙරළට ද මිය ගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබිය දී සොයා ගැනීමට හැකි වුණා.

වනජීවී නිලධාරීන් සඳහන් කළේ හලාවත – කුරුසපාඩුව වෙරළට ගොඩ ගසා ඇත්තේ ද එවැනිම වර්ගයේ තල්මසෙකුගේ සිරුරක් බවයි.

කුරුසපාඩුව වෙරළෙන් හමුවූ තල්මසාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිකවැරටිය ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය විසින් සිදුකිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?