තලගොල්ලේ දී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටේ; රඹුක්කන – මාවනැල්ල මාර්ගය තවදුරටත් වැසේ (ඡායාරූප)

මාවනැල්ල පොලිස් වසමේ රඹුක්කන – මාවනැල්ල මාර්ගයේ තලගොල්ල පාලම ආසන්නයේ තිබූ ගසක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටී ඊයේ (23) රාත්‍රී කාලයේ අනතුරක් සිදුව තිබුණා.

එම අවස්ථාවේ දී කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගසට යට වී තිබූ ත්‍රීරෝද රථයේ සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවක් සහ කුඩා දරුවෙකු මුදවා ගෙන මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමේදී ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු 38ක මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‍.

රෝහල් ගතකළ අනෙක් තිදෙනාගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

මෙම ගස කඩා වැටීම හේතුවෙන් රඹුක්කන මාවනැල්ල මාර්ගයේ වාහන ගමනාගමනය තලගොල්ල පාලම අසලින් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.

රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගය හරහා ගමන් ගන්නා සියළුම රියදුරන් හා මහජනතාව විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Image 2025 11 24 at 6.34.41 AM
WhatsApp Image 2025 11 24 at 6.34.40 AM 1
WhatsApp Image 2025 11 24 at 6.34.40 AM
WhatsApp Image 2025 11 24 at 6.34.39 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05