තරග පිට තරග පැරදුනත් ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකා පිලිට පිවිසිය හැකි එකම මාර්ගය

Super 12 හි පිට පිට තරග තුනක් පරාජය වුවද, ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ශ්‍රී ලංකාවට තවමත් හැකියාවක් ඇති අතර, එය සිදුවිය හැක්කේ ගණිතමය වශයෙන් ය.

එය එසේ සිදුවීමට ශ්‍රී ලංකා පිලට ආශ්චර්යයක් සිදුවිය යුතුය. න්‍යායාත්මකව බලන කළ ශ්‍රී ලංකාවට අවසන් පුර්ව වටයට පිවිසීමට නම් දළ ලකුණු ලබා ගැනීමේ වේගය ද සහිතව A කාණ්ඩයේ ඉතිරි තරග අවසන් විය යුත්තේ මෙලෙසිනි.

ශ්‍රී ලංකාව ද බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විශාල ජයග්‍රහණයක් ලබා ගත යුතුය. එමෙන්ම එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර වන තරගය ඉතා උණුසුම් තරගයක් වනු ඇත. කෙසේ වුවත් මෙම තරගයේදී එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාව දරුණු ලෙස පරාජය වීම ශ්‍රී ලංකාවේ ඉදිරියට තීරණය කිරීමට අත්‍යාවශ්‍ය සාධකයක් වනු ඇත.

මිට අමතරව A කාණ්ඩයේ ඉතිරි තරගවල තීරණය මෙසේ විය යුතුය :

  • S Africa Vs Bangladesh : බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුය.
  • Aus Vs Bangladesh: බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුය.

*West Indies Vs SL : ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි.

*Australia Vs West Indies : බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි.

*එංගලන්තය Vs S Africa : එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි.

මෙම තත්ත්වය තුළ එංගලන්තය ජයග්‍රහණ 5ක් සමඟින් ප්‍රසාද ලකුණු 10ක් ලබා A කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර අනෙක් සියලුම කණ්ඩායම් ජයග්‍රහණ 2ක් සමඟින් ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා අවසන් වේ.

ශ්‍රී ලංකාවට ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනෙක් කණ්ඩායම් හතරටම ඉහළින් ලබා ගත හැකි නම්, ඔවුන්ට 2 වන කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිසිය හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12
Video thumbnail
හිටපු රජ්ජුරුවන්ගේ පුතා ගල උඩ කුමාරයා කලබලවෙලා දේශනා තියනවා - සිස්ටම් එක මෙයාලට දිරවන්නේ නෑ
02:08
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් ගිනි අවි සමඟ කොටුවෙයි
03:04
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44