තණකොල කැපීමට ගිය බාලවයස්කරුවෙකු කෙහෙල්ගමු ඔයට බිලිවෙයි

තම සීයා සමගින් තණකොල කැපීමට ගිය බාලවයස්කාර පිරිමි දරුවෙකු කෙහෙල්ගමු ඔයට වැටී ජීවිතක්ෂයට පත්වු අවාසනාවන්ත පුවතක් බගවන්තලාවෙන් වාර්තාවෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ බගලන්තලාව, පොලිස් වසමට අයත් ලින්පොඩ් වත්ත පදිංචිව සිටි එම වතුයායේ පාසලේ 5 වසරේ අධයාපනය ලබමින් සිටි පෙනිස් තිබන් නැමති 10 හැවිරිදි පාවල් සිසුවෙක් බවට පොලීසිය ප්‍රකාශ කරනවා.

එම දරුවා තම සීයා සමගින් තණකොල කපන්නට ගිය අවස්ථාවේදී කෙහෙල්ගමු ඔයට වැටි අතුරුදහන්වී තිබෙනවා. ඉන්අනතුරුව මියගිය දරුවාගේ සීයා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදි ජීවිතක්ෂයට පත් දරුවාගේ මළසිරුර කෙහෙල්ගමු ඔයෙන් හමුවි තිබෙනවා.

ඉන් අනතුරුව පොලීසිය විසින් දරුවාගේ මළසිරුර බගවන්තලාවේ ප්‍රාදේශිය රෝහලට භාරදීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණය ස‍ඳහා යැවීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.