ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය ලිහිල් කිරීමට සහයවීමක් ලෙස ණය ආපසු ගෙවීම සදහා වසර 12ක් දක්වා කාලය ලබාදීමට ඉන්දියාව සැලසුම්කර තිබෙනවා.
මේ පිළිබඳව ඉන්දීය අපනයන ණය ඇපකර සංස්ථාවේ සභාපති එම්.සෙන්තිල්නාදන් සඳහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, එම ප්‍රතිව්‍යුහගත කිරීමේ පැකේජය පැමිණි පසු මෙම සහන කාලය ලබාදීමට බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා පවසා සිටියේ.
ඒ, අනුව වසර අවුරුදු 03-04 ක කාලසීමාවකින් පියවීම ඇති ණය පියවීම සඳහා වසර 10-12 දක්වා දීර්ඝ කිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
1
+1
+1
+1