ඩොනල්ඩ් ට්‍රම්ප් එරෙහිව ඇමරිකාවේ ඉතිහාසගත නඩු තීන්දුවක්

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබෙනවා.

එක්සත් ජනපදයේ හිටපු හෝ ජනාධිපති ධුරයේ සිටින ජනාධිපතිවරයෙකු අපරාධමය වරදකට වරදකරු වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණේ ජූරි සභිකයින් දින 02ක් පුරා පැය 12කට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ට්‍රම්ප් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත් වූ බව කියන ස්ටෝමි ඩැනියෙල්ස් ඇතුළු සාක්ෂිකරුවන් 22 දෙනෙකුගෙන් උසාවිය සති 06ක් පුරා සාක්ෂි විමසමින් මෙම නඩුව විභාග කළා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් නියම වන්නේ එළඹෙන ජුලි 11 වැනිදා සිට වන අතර හිටපු ජනාධිපතිවරයාට සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති නමුත් නීති විශාරදයින් පවසන්නේ ඔහුට දඩයක් නියම කිරීම වැඩි අවස්ථාවක් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25