Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඩෙංගු වැලදී සරසවි සිසුවියක් මියයයි

ඩෙංගු වැලදී හොරණ මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි කොළඔ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ 23 හැවිරිදි සිසුවියක් අද (16 වැනිදා) දහවල් මිය ගොස් ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මානෙල් උයන, මාපුටුගල, පෝරුවදණ්ඩ පදිංචි හසිනි භාග්‍යා නැමති තරුණියකි.

උණ වැලදීම හේතුවෙන් පසුගිය 06 වැනිදා ඇය හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත. අංක 5 වට්ටුවේ දින 5ක් ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 11 වන දින පසුව දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

ඉන් පසු දැඩි සත්කාර ඒකකය තුළ කළ පරීක්ෂණ වලදී ඇයට ඩෙංගු වැළඳී ඇති බව සනාතවී ඇත.ඒ වන විටත් ඇය ඩෙංගු රක්තපාත මට්ටමේ අසාධ්‍යව සිට ඇත. එසේ සිටියදී අද දින උදෑසන 10.30 දැඩිසත්කාර ඒකකයේදී තරුණිය මිය ගොස් ඇත.

මිය යන විට ඇය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළවෙනි වසර ශිෂ්‍යාවක් වශයෙන් අධ්‍යාපනය ලබමින් සිට ඇත.