Update – ඩුබායි හිදී ඇල්ලූ සැකකරුවන් දිවයිනට රැගෙන එයි (වීඩියෝ/ඡායාරූප)

මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් සිදුකර අධිකරණය මඟ හැර ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනෙක් අත්දන්ගුවට ගැනීමෙන් අනතුරුව අද (07) දිවයිනට රැගෙන එනු ලැබුවා.

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනය නිකුත් කර සිටි මෙම අපරාධකරුවන් ඩුබායි රාජ්‍යයේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ  නිලධාරී කණ්ඩායමක් විසින් එරටට ගොස් ඔවුන්ව භාරගෙන මෙලෙස මෙරටට රැගෙන ආවා.

මොවුන් අතරින් එක් සැකකරුවෙක් මාකන්ද, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා නැමැති අයෙක් වන අතර, ඔහු ඉකුත් 2024 වසරේ ජනවාරි මස 22 වනදා දින බෙලිඅත්ත බෙලිඅත්ත ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අයෙක්.

අනෙක් සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කදන්ගමදෙනියගේ ගෙදර ප්‍රදීප් සදරුවන් නොහොත් චන්දන නැමැති ය බවයි වාර්තා වුණේ.

මොහු මනුෂ්‍ය ඝාතන කීපයක් මෙන්ම නිවෙස්වලට පහර දී දේපළවලට අනර්ථයන් සිදුකර, කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් විවෘත වරෙන්තු ලබා සිටි පුද්ගලයෙක්.

මෙලෙස රැගෙන ආ තුන්වන සැකකරු දෙන්කන්දලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි නාඩකන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලි නැමැති අයයි .

මොහු අකුරැස්ස, මාවරල සහ ඌරුබොක්ක පොලිස් වසම් තුළ ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් සිදුකර එම අධිකරණ මඟින් විවෘත වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙක්

මොවුන් අද (07) දහවල් 11.30ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

අත්අඩංගුවට ගෙන මෙලෙස දිවයිනට රැගෙන ආ අපරාධකරුවන් තිදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය, බෙලිඅත්ත සහ අකුරැස්ස යන පොලිස් ස්ථාන වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22