ඩ්‍රෝන ප්‍රහාරයක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ බෙදාගත් ගුවන් සේවිකාවක් ඩුබායිහි දී අත්අඩංගුවට

ඩ්‍රෝන ප්‍රහාරයක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ බෙදාගැනීම සම්බන්ධයෙන් ගුවන් සේවිකාවක් ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල සිදු වූ හානිය පිළිබඳ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ බෙදාගැනීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි බ්‍රිතාන්‍ය ගුවන් සේවිකාවක්.

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල සිදු වූ හානිය පෙන්වන ඡායාරූපයක් ඇය පෞද්ගලික WhatsApp සමූහයක බෙදාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගේ දුරකථනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධ නීති යටතේ මෙලෙස චෝදනා එල්ල කර තිබෙනවා.

මෙම චෝදනාවට වරදකරු වුවහොත්, ඇයට වසර දෙකක සිර දඬුවමක් සහ ඩොලර් 54,000 ඉක්මවන දඩයක් සහ පසුව පිටුවහල් කිරීමට ලක්කරනු ඇති.

පෙබරවාරි 28 වන දින ඉරානය සමඟ ඊශ්‍රායල-ඇමරිකානු ගැටුම ආරම්භ වූ දා සිට මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලට සම්බන්ධ දර්ශන රූගත කිරීම හෝ බෙදාගැනීම සම්බන්ධයෙන් සංචාරකයින්, විදේශිකයන් සහ ගුවන් සේවකයින් ඇතුළු බ්‍රිතාන්‍ය ජාතිකයන් දුසිම් ගණනක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රඳවාගෙන ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57