ඩක්කුවක් කඩා වැටී අපවත් වූ හිමිවරුන්ට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායක එයි

කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් අපවත් වූ භික්ෂුන් වහන්සේලාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කුරුණෑගල මැල්සිරිපුර නා උයන වෙත ගොස් තිබෙනවා.

එහි දී අපවත් වූ භික්ෂුන් වහන්සේලාගේ දේහයන්ට අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව, විපක්ෂ නායකවරයා මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමටත් එම ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ මුණ ගැසී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් කටයුතු කර තිබෙනවා.

මේ අතර අනතුරින් අපවත් වූ භික්ෂුන් වහන්සේලා සත් නමගෙන් මෙරට භික්ෂුන් වහන්සේලා සිව්නමගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (27) දිනයේ සිදු කිරීමට නියමිතයි.

මේ අතර අපවත් වූ භික්ෂුන් වහන්සේලාගේ දේහයන් භූමදානය කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම, අනතුරින් අපවත් වූ ඉන්දීය සහ රුමේනියානු ජාතික භික්ෂුන් වහන්සේ දෙනමගේ දේහ අද උන් වහන්සේලාගේ මව් රට වෙත වැඩම කරවන අතර රුසියානු ජාතික භික්ෂුවගේ දේහය ඉදිරි දිනකදී සිය මව් රට වෙත වැඩම කරවීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31