ටෙලිෆෝනයට අලියාගේ අත ගන්න කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි (වීඩියෝ)

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයට එක් පක්ෂයක් ලෙස එකතු වී දේශපාලන ගමන යාමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ මෙම අනුමැතිය හිමි වූ බවයි දසත වාර්තාකරු පැවසුවේ.

සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ පිටකෝට්ටේ සිය පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා.

පස්වරු 05 සිට රාත්‍රී 08 තෙක් මෙම සාකච්ඡා පැවැත්වූ අතර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ආණ්ඩුව කී දේ සහ කරන දේ අතර විශාල පරතරයක් ඇති බවත් ඉදිරි මැතිවරණ සඳහා සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට අදාළ ව කමිටු පත් කර ඇති බවයි.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය බෙහෙවින් අගය කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ එය දෙරට අතර සහයෝගීතාවට හොඳ බවයි.

මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මාධ්‍යය වෙත අදහස් දැක්වූවා.

ඔහු සඳහන් කළේ ඉදිරි මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂ සමග සාකච්ඡා කර තරග කිරීමට අදහස් කරන බවත් ඒ සඳහා අනුමැතිය හිමි වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08