ට්‍රම්ප් – මස්ක් ආරවුල උත්සන්න වෙයි – දෙදෙනා අතර විරසකයක්

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළ ලොව ධනවත්ම සමාගම් හිමිකරුවෙකු වන එලෝන් මස්ක් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මේ වනවිට (06) පවතින ආරවුල උත්සන්න වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙදෙනා ජනාධිපතිවරණ පූර්ව සමයේ මෙන් ම ජයග්‍රහණයෙන් පසුව ද සුහද ව මිත්‍රශීලී ව සිටිය ද, මේ වනවිට මස්ක් ට්‍රම්ප්ගේ පාලනයෙන් වෙන් වී කටයුතු කරමින් සිටිනවා.

ට්‍රම්ප්ගේ ඇතැම් පරිපාලන ක්‍රියාවලීන් දැඩි ලෙස විවේචනය කර ඇති මස්ක් පවසන්නේ පිස්සු වැටුණු අයෙකු සේ ක්‍රියා කරන ට්‍ර්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් රැගෙන ආ යුතු බවයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිලියනපති එලොන් මස්ක් අතර සබඳතා වසර ගණනාවක් පුරා විවිධ අවස්ථාවල දී ගැටුම් මධ්‍යයේ අඩු වැඩි වෙමින් පැවතුණා.

ට්‍රම්ප්ගේ දැවැන්ත බදු පනත සම්බන්ධයෙන් මතභේදයක් පසුගිය දින කිහිපය තුළ උත්සන්න වීමෙන් පසු, මස්ක් එක්සත් ජනපද ජනාධිපතිවරයාට එරෙහිව විවේචන කරන්නට පටන් ගෙන ඇති අයුරුත් දක්නට ලැබෙනවා.

මූලාශ්‍රය – ALJAZEERA

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38