අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දී තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියම කළා.
ඒ අනුව ඥානසාර හිමියන්ට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.
එම නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනාධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.
මේ අතර අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුර මාධ්‍යට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,
අධිකරණය සමඟ තමාට කිසිදු ගැටලුවක් නොමැති බවත්, තමන් නිරන්තරයෙන් කටයුතු කළේ රටේ ජනතාව වෙනුවෙන් බවයි.
එමෙන්ම තමන් දැඩි මානසික පීඩනයක සිටි බැවින් නායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අනුව ආරණ්යකට ගොස් භාවනා යෝගීව සිටි බවත්, එලෙස සිදු කරනු ලැබුවේ අධිකරණය මඟ හැරීමට නොවන බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.










