ඥානසාර හිමිට නිදහස ඉල්ලන “නිදහසේ පාද යාත්‍රාව” මහනුවරින් ගමන් ඇරඹේ

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා වූ පා ගමන මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් අද (10) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන්.

“සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව” තේමාකර ගත් මෙම “නිදහසේ පාද යාත්‍රාව” ආරම්භවීමට පෙර මහනුවර මඟුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍ය ක්‍රියාවක් ද සිදුකරනු ලැබුවා.

මෙම නිදහසේ පාද යාත්‍රාව අද දිනයේ මහනුවර සිට කඩුගන්නාව දක්වා ගමන් කරන අතර, හෙට (11) දිනයේ කඩුගන්නාව සිට කෑගල්ල දක්වා ගමන් ගන්නවා.

ලබන 12 වනදා කෑගල්ල සිට වරකාපොළ දක්වාත්, 13 වනදා වරකාපොළ සිට නිට්ටඹුව දක්වාත් නිදහසේ පාද යාත්‍රාව ගමන් කිරීමට නියමිතයි.

ඔක්තෝබර් 14 වනදා නිට්ටඹුව සිට කඩවත දක්වා ගමන් කරන මෙම පාද යාත්‍රාව 15 වනදා කඩවත සිට ඥානසාර හිමියන් සිරගත කර සිටින වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන්කර අවසන් වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51
Video thumbnail
"අපි හැමෝම අතින් සුළු සුළු වැරදි වෙනවා" ඥානසාර හිමිට නිදහස පතා අත්සන් දස ලක්ෂයේ වැඩසටහන කළුතරදී
01:43
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ හිමිවරුන් - සමහර රජයන්ට ස්වාමීන්වහන්සේලා හරිම අප්‍රියයි
06:19