spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෝස් බට්ලර් ජාතික වගකීම වෙනුවෙන් රාජස්ථානය හැරයයි

රාජස්ථාන් රෝයස්ල් කණ්ඩායම නියෝජනය කළ කඩුලු රකින සහ ප්‍රහාරාත්මක පිතිකරු ජෝස් බට්ලර් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්ත සංචිතයට එක්වීමට ඔහු මෙලෙස අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස ද ජෝස් බට්ලර් කටයුතු කරනවා.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී ජෝස් බට්ලර් තරග 11කට ක්‍රීඩා කරමින් ලකුණු 359ක් රැස්කර ගත් අතර, ඊට ශතක දෙකක් ද ඇතුළත්.

මේ අතර එංගලන්තය ලෝක කුසලානයට පෙර පකිස්ථානයට එරෙහිව තරඟ හතරකින් යුත් විස්සයි විස්ස තරඟාවලියකට ද සහභාගී වීමට නියමිත අතර, එය මැයි 22 වන දින ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?