ජොනීගේ සතොස නඩුව ජූලි අග තෙක් කල් යයි

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (23) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණු බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එහිදී අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් කටයුතු කළ ඒ.එම්. විජේරත්න මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න වීමසීම සිදු කළා.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුලි 30 වනදා දක්වා කල් දැමූ විනිසුරුවරිය එදින සාක්ෂිකරුවෙකුට අධිකරණයේ පෙනී සිටින දෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවයේ නියුතු සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකොට අල්ලස් පනත යටතේ “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?