Fly high Get bonus Aviator Phone

ජීව අත්බෝම්බ 02ක් සහ ජීව උණ්ඩ සමඟ අයෙක් වැලිපැන්නේ දී අල්ලයි (ඡායාරූප)

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අසල පිහිටි නිවසක ඊයේ (11) සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී නිවසේ බඩා කාමරයේ තිබූ ළඳරු කිරිබෝතල් රඳවනයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබිය දී ජීව අත්බෝම්බ දෙකක්, ටී 56 උණ්ඩ 16ක් , මිලිමීටර් නමය වර්ගයේ උණ්ඩ 02ක් සහ බෝර 12 ගිනි අවියට යොදන උණ්ඩ දෙකක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 30 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, මෙම ජීව අත්බෝම්බ සහ උණ්ඩ කිසියම් අපරාධයක් සඳහා යොදාගැනීමට සඟවා තිබූ ඒවා ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකරු අද (12) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

WhatsApp Image 2024 05 12 at 3.33.40 AM
WhatsApp Image 2024 05 12 at 3.33.38 AM 1 1
WhatsApp Image 2024 05 12 at 3.33.38 AM
WhatsApp Image 2024 05 12 at 3.33.37 AM
WhatsApp Image 2024 05 12 at 3.33.36 AM 1 1
WhatsApp Image 2024 05 12 at 3.33.36 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?