පුත්තලම – හලාවත ප්රධාන මාර්ගයේ බත්තුලුඔය ප්රදේශයේ දී අද (28) අලුයම 3.30ට පමණ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිමෙන්ති ප්රවාහන කළ ස්කැමල් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අනතුරින් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් වන අතර, ඔවුන් 39 සහ 40 යන වයස්වල පසුවන පුද්ගලයින් බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් දෙදෙනා මුන්දලම සහ හලාවත යන ප්රදේශවල පදිංචිකරුවන්වන අතර 39 හැවිරිදි පුද්ගලයා මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබෙනවා.
අනතුරින් මියගිය 40 හැවිරිදි පුද්ගලයා හලාවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.
අනතුර සම්බන්ධයෙන් සිමෙන්ති ප්රවාහන කළ ස්කැමල් රථයේ රියදුරු මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
