Empty Ad
AFC Banner
Empty Ad

ජිලේගේ සැලැස්මෙන් මෙට්ටයක නිදා සිටි පාතාල කෙරුමා මිලින්ද එළොව ගිය හැටි

එම වෙඩි වරුෂාවෙන් ඝාතනය වූයේ මාර්ග ඉදිකිරීම්හි කොන්ත්‍රාත් කටයුතුවල නිරත 42 හැවිරිදි තන්තිරිගේ ප්‍රණීත් නුවන් මිලින්ද නමැති අවිවාහක පුද්ගලයෙකි.

ඔහු පසුගිය දිනවල කැලණිය ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් කටයුතුවල නිරතව සිටි බවකි.

එසේම මිලින්ද ප්‍රබල පාතාල අපරාධකාරයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්ව සිට ගිය වසරේ ජුලි 03 වැනිදා ඉන්දියාවේ කොයිම්බතූර්හිදී මියගිය ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක්ව සිටි අයෙකි. ලොක්කාගේ මරණයෙන් පසු මිලින්ද ඉතාලියේ වෙසෙන ඉතාලි චමින්දට සමීපව සිට ඇත.

මිලින්ද ඝාතනය වූයේ නිවෙසේ කාමරයක නිදා සිටියදියි. ඉකුත් අඟහරුවාදා දින පාන්දර 6.10ට පමණ කළු පැහැති ජැකට් සහ හිස් ආවරණ පැලඳ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මීගහවත්ත පන්සලක් අසල යතුරුපැදිය නවතා එම නිවෙසට ඇතුළු වී තිබුණේ, “අපි පොලිසියෙන්… කෝ මිලින්ද“ යැයි පවසමිනි.

අනතුරුව මිලින්ද නිදා සිටි කාමරයේ දොර කඩා ඊට ඇතුළු වූ දෙදෙනා එහි බිමට මෙට්ටයක් එළා නිදා සිටි මිලින්දට මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හයක් පමණ එල්ල කරද්දී නිවෙසේ වෙනත් ස්ථානයක බුදුන් වඳිමින් සිටි මිලින්දගේ නැඟණියගේ ස්වාමියා වන බුද්ධික වසන්ත නමැත්තා ද එම කාමරයට ගොස් වෙඩික්කරුවන් දෙදෙනාගෙන් කෙනෙකු සමඟ පොර බදන්නට විය.

එසැණින් ක්‍රියාත්මක වූ වෙඩික්කරුවෝ ඔහුගේ මුඛයටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර දෙදෙනා පලා ගොස් තිබුණේ ත්‍රාසජනක චිත්‍රපට දසුනක් මවමිනි. ඝාතකයන් දෙදෙනා පැමිණි යතුරුපැදියෙන්ම පලා යන ආකාරය අසල සීසීටීවී කැමරාවකද සටහන්ව තිබිණි.

මිලින්ද එම ස්ථානයේදීම මරණයට පත්වෙද්දී බරපතළ තුවාලලත් ඔහුගේ මස්සිනා බුද්ධික කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

එම වෙඩි තැබීම පොලිසියට සැලවීමත් සමඟ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද එදින පෙරවරුවේම නිවෙසටම ගොස් සොයා බැලීය.

ඒ අතර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය මත මුල්ලේරියාව සහ කඩුවෙල පොලිස් ස්ථාන විසින් සිදු කරද්දී ඊට අමතරව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකරගේ සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දනගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක්ද පැති කිහිපයක් ඔස්සේ විමර්ශන ඇරැඹිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප කළ විමසීමකදී පැවැසූවේ එම ඝාතනය මත්ද්‍රව්‍ය පිළිබඳ ඇතිවූ ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බවයි. එසේම ඝාතකයන් නුදුරේදීම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බවත් හෙතෙම පැවැසීය.

විමර්ශන නිලධාරිහු මිලින්දට වෙඩි තැබූ ස්ථානය පරීක්ෂා කරද්දී එහි තිබී දුරකථනයක් සොයා ගැනීමට හැකි විණි. නිවැසියන්ගෙන් විමසූ කල එම දුරකථනය ඔවුනගේ නොවන බව කීමත් සමඟ සිදුකළ විමර්ශනවලදී හෙළි වූයේ දුරකථනය ඝාතකයන්ගේ දුරකථනයක් බවයි.

මිලින්දගේ මස්සිනා සමඟ පොර බදද්දී ඝාතනයට පැමිණි අයෙකුගේ දුරකථනයක් එම ස්ථානයේ වැටි ඇත. එම දුරකථනයෙන් ඝාතකයන් කවුරුන්ද යන්න එදිනම තහවුරු කරගැනීමට පොලිස් නිලධාරිහු සමත් වූහ.

අනතුරුව මිලින්දට වෙඩි තැබූ ඝාතකයන් දෙදෙනා පැමිණි WP XV 5432 දරන යතුරුපැදියද අධිවේගී මාර්ගයේ කඩුවෙල ගුවන් පාලම අසල දමාගොස් තිබියදී සොයා ගැනීමට එදිනම පොලිස් නිලධාරිහු සමත් වූහ. එසේම ඝාතකයන් දෙදෙනා පැලඳ සිටි බවට සැකකරන හිස් ආවරණ දෙක සහ ජැකට්ද මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල ස්ථානයක දමාගොස් තිබියදී සොයා ගැනිණි.

ඒ අතර ඝාතකයන් එදින 6.34ට පමණ කඩුවෙල විහාරස්ථානයක් අසල සිටියදී යතුරුපැදියකින් පැමිණි වෙනත් දෙදෙනෙකුට පාර්සලයක් දී මාර්ගයෙන් විරුද්ධ පැත්තට මාරු වී ත්‍රිරෝද රථයක නැගී පලා යන ආකාරයද සීසීටීවී කැමරාවක සටහන්ව තිබී විමර්ශන නිලධාරින් සොයා ගත්හ.

ඒ මොහොතේ ඝාතකයන් දෙදෙනා දුන් පාර්සලයේ ඝාතනයට යොදාගත් ගිනිඅවි තිබෙන්නට ඇතැයි විමර්ශන නිලධාරින්ගේ සැකය එල්ල වී ඇත.

ත්‍රිරෝද රථයට නැඟී පැමිණි ඝාතකයන් දෙදෙනා පසුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ බැස ඇවිද යන ආකාරයක්ද සීසීටීවී කැමරාවක සටහන්ව තිබේ. ඒ වන විට වේලාව පාන්දර 6.43 ලෙස සටහන්ව තිබිණි.

මේ අතර මිලින්දගේ ඝාතකයා යැයි සැක සහිත පුද්ගලයාගේ තොරතුරු රැසක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍යයට මුදා හැරියේ එම පුද්ගලයාගේ ඡායාරූප ද හතරක්ද සමඟින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ජනතා සහාය පතමිනි. එම නිවේදනයේ සඳහන් ආකාරයට සැකකරු 30 හැවිරිදි පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් දනුෂ් බුද්ධික හෙවත් ජිලේ නමැත්තෙකි.

ඔහු මුල්ලේරියාව, නව නගරය අංක 42/02, බාරොන් තිලකානන්ද මාවතේ වෙසෙන්නෙකි. ඊට අමතරව ඔහු මුල්ලේරියාව උඩුමුල්ල අංක 252 නිවෙසේ සහ බිරියගේ නිවෙස වන මාලඹේ, රොබට් ගුණවර්ධන මාවතේ අංක 333/සී නිවෙසේද වෙසෙන බවකි.

ජිලේ බොහෝ විට අංගොඩ, හිඹුටාන, මුල්ලේරියාව නවනගරය, වැලිගම, මිදිගම, හික්කඩුව සහ ගාල්ල ප්‍රදේශයන්හි සැරිසරන බවත් අත් දෙකෙහිම උරහිසේ සිට වැලමිට දක්වා පච්චා කොටා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ හෝ ජිලේ පිළිබඳ පොලිස් ඔත්තුව ලබා දෙන තැනැත්තකුට රුපියල් විසිපන් ලක්ෂයක මුදල් ත්‍යාගයක්ද ලබා දෙන බවත් සපයන තොරතුරු ඉතා රහසිගතව තබාගන්නා බවත් එහි සඳහන්ය.

ජිලේ නමැත්තාට මීට පෙරද මිනීමැරුම් චෝදනා පහක් පමණ තිබෙන බවකි. ඔහු පසුපස පන්නන පොලිස් නිලධාරින්ට පසුගියදා ජිලේ අහංගම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත ගොස් සොයා බැලුවත් ඔහු එම නිවෙසෙන් පලා ගොස් තිබිණි.

මිලින්ද සමඟ මත්ද්‍රව්‍ය ගැටුම හටගෙන ඇත්තේ අංගොඩ ලොක්කාගේ මරණයෙන් පසුවයි. අංගොඩ ලොක්කා ජීවත්ව සිටියදී ඔහුගේ මෙරට බොහෝ ජාවාරම්වලට මිලින්ද සහාය වී ඇත.

අංගොඩ ලොක්කා විසින් ජීවත්ව සිටි සමයේදී එවන ලද මත්කුඩු තොගයක් විකුණා ලැබුණු කෝටි ගණනක මුදලක් මිලින්ද සතුව තිබී ඇතැයි අංගොඩ ලොක්කාගේ ඥාතින් ඇතුළු ලොක්කාගේ සහ මාකඳුරේ මධුෂ්ගේ මත් ජාවාරම සියතට ගෙන සිටින මිදිගම නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාගෙන් ද චෝදනා එල්ල වී තිබිණි. හරක් කටා මේ වන විට ඩුබායි ර‍ටට පැන ගොස් සිටින බවට සැල වේ.

ලොක්කා මිය ගොස් දින තුනකට හරක් කටාගේ ගෝලයන් පැමිණ මිලින්දගෙන් එම මුදල් සහ ලොක්කාගේ දේපළ ඉල්ලා තර්ජනය කර ඇති බවත් සැල වේ. එහෙත් මිලින්ද පවසා ඇත්තේ ඒ සියලු මුදල් සහ දේපළ ලොක්කා ජීවත්ව සිටියදීම ඔහුට දුන් බවයි.

කෙසේ හෝ පසුගිය කාලයේ මිලින්ද විසින් බොහෝ මුදල් කන්දරාවක් වියදම් කර ඇති බවටත් සැල වේ.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටි.බි සරත් සහ සජබ පා.ම ජගත් විතාන සහභාගිවන කස්තිරම වැඩසටහන
01:27:31
Video thumbnail
සජිත් විශේෂ ප්‍රකාශයක් කිරීමට සැරසෙයි
05:13
Video thumbnail
මාලිමාවට ගමේ බලය නම් ගන්න වෙන්නේ නෑ - වාසුදේව කාලෙකට පස්සේ පිටියට බහියි
33:26
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමෙන් මිය ගිය දෙන්නා මෙන්න - අපි කියන දෙයක් අහනවද අම්මේ මෙයාලා
13:34
Video thumbnail
BREAKING NEWS 🔴
01:45
Video thumbnail
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.2
02:55:53
Video thumbnail
ආණ්ඩුවක් දුන්නා කියලා අපිට විශ්මකර්ම වැඩ කරන්න බලයක් නෑනේ
09:21
Video thumbnail
දේශබන්දු ගැන නියෝජ්‍ය ඇමති කට අරියි - ෂෝක් එකට ඇවිත් භාර වුණා එයා
06:32
Video thumbnail
මාව අතින් අල්ලන් ගිනින් CTB එක දුන්නේ - මම ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මා
17:42
Video thumbnail
සභානායක 159 ඉන්න අයගේ නම් දන්නේ නෑ - නම් දන්නේ නැති නිසා වෙච්ච වැඩේ
07:40

?