ජාති – ආගම් පසෙකලා සාමයේ අරුණළු පීදීම පතමින් සැමරෙන අසිරිමත් නත්තල අදයි (වීඩියෝ)

ලෝකයක් ආදරය කරන මෙන් ම ගරුත්වයෙන් සමරන අසිරිමත් නත්තල අද (25) දිනට යෙදී තිබෙනවා.

ලෝකයේ ඇති බොහෝ රාජ්‍යයන්වල ජනතාව ආගම් භේදයකින් තොරව නත්තල සැමරීම විශේෂත්වයයි.

සකල මිනිස් වර්ගයා පවින් මුදා ගනු පිණිස බෙත්ලෙහෙම්පුරේ දිළිඳු ගවළෙකින් මෙලොව එළිය දුටු ජේසු බිළිඳුන්ගේ උපන් දිනය සැමරීමට ජාති, ආගම්, වර්ණ, දේශ, භාෂා, වයස් භේදයෙන් තොරව සෑම දෙනා ම අද දිනයේ දී එක් වනවා.

මේ වන විට ලොව ජනගහනය වන බිලියන 8.1 ක (කෝටි 801 ක) ජනතාවගෙන් 31% ක් එනම් කෝටි 217.3 ක පිරිසක් කිතුනුවන්. (කතෝලික 50%,ප්‍රොතෙස්තන්ත්‍ර 37% ක් හා ඕකඩොක්ස් 12% ක් වශයෙනි. සෙසු 01% කි)

ඔවුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන, උන්වහන්සේගේ ධර්මය විශ්වාස කරන එතුමන්ට ගෞරව හා වන්දනා කරන පිරිසක් ලෙසයි සැලකෙන්නේ.

ලොව ජනගහනයෙන් 23% ක් ඉස්ලාම් බැතිමතුන්ය.

එය සංඛ්‍යාත්මකව කෝටි 155.9 කි.

කිසිදු ආගමක් අදහන හෝ විශ්වාස නොකරන නිරාගමිකයින් කෝටි 112.6 ක් ලොව පුරා ජීවත් වෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස ලෝක ජනගහනයෙන් 16% ක්.

ලොව පුරා හින්දු බැතිමතුන්ගේ ප්‍රතිශතය 15% ක් වන අතර එය කෝටි 103.3 ක් වන අතර එම සංඛ්‍යාවෙන් 94% ක් ජීවත් වන්නේ ඉන්දියාවේ ය. බෞද්ධ බැතිමතුන් 07% ක් වන අතර එය කෝටි 48.75 ක් වනු ඇත.

ගෝත්‍රික ආගම් අදහන්නෝ 06% ක් වන අතර සංඛ්‍යාත්මකව කෝටි 40.5 ක් ය.

ගෙවුණු පුරා වසර 2023 ක කාලයක් අඛණ්ඩ ව කිසියම් පුද්ගලයකුගේ උපන් දිනයක් බහුතර ජනතාවක් සැමරුවේ නම් ඒ ක්‍රිස්තු උපත සිහි කරන නත්තලයි.

‘නත්තල’ යනු කව්රුත් ආදරයෙන් සමරන උලෙළකි.

ජාති, ආගම්, වර්ණ, කුල, පක්‍ෂ, බාල, තරුණ, මහලු භේදයෙන් තොරව නත්තල සමරනු වස් නිවෙස, තම සේවා ස්ථානය තුළ නත්තල් ගසක් නිර්මාණය කිරීම, ගවළෙනක් ඉදිකිරීම බොහෝ රටවල සේ ම මෙරට බොහෝ තැන්වල ද දැකගත හැකිය.

කුමන අභියෝගය, කුමන ආර්ථික ප්‍රශ්න තිබුණ ද කිතුණු පවුල්වල දෙමාපියෝ තම දූ දරුවන්ට, තමන්ගේ දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ට අලුත් ඇඳුමක් ලබාදීමටත්, ගෙදර හුණු තීන්ත ටිකකින් පිරියම් කිරීමටත් අමතක නොකරති.

නත්තල් දිනයේදීවත් ගෙදර කෑම වේලක් රසවත්ව සාදා ගැනීමට සියලු කැපවීම් කිරීම ද මෙහි විශේෂත්වයක්.

2019 වර්ෂයේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයත් සමගින් විශේෂයෙන් අප රට තුළ උද්ගත වූයේ අභාග්‍ය සම්පන්න සමයකි.

2020 මාර්තුවේ ඇරඹි කොවිඩ්-19 ලෝක වසංගතයත් සමගින් ජනතාව නිවසට කොටු කරමින් ආගම් ඇදහීමට තිබූ පන්සලට, පල්ලියට යන්න තිබූ ඉඩ අහුරමින්, අධ්‍යාපන ක්‍ෂේත්‍රය කඩා වැටෙමින්, රැකියා අහිමි කරමින්, දරිද්‍රතාවන්ට ඇද දමමින් මිනිසුන් අතර තිබූ අන්‍යෝන්‍ය බැඳීම් දුක-සැප බෙදාගැනීම් සියල්ලට තිත තබමින් අලුත් සංස්කෘතියක් නිර්මාණය වූ බව් කවුරුත් දන්නා කාරණයක්.

2020, 2021 වර්ෂවල සැක සංකා සහිතව නත්තල සමරන්නට යෑමට සිදු වූ බව ද ඔබට මතක ඇති.

මෙම විපත්තිය සේ ම 2004 දෙසැම්බර් මස 26 වැනි දින මුළු දිවයිනේ මුහුදුබඩ කලාප කම්පාවට පත් කරමින් සුනාමි රළ කඳ ද ගොඩගැලීමෙන් සිදු වූ ජීවිත හානිවලට සාමය උදා වේවා යැයි අද දිනයේ දී සැමරීම බොහෝ දේවස්ථානවල සිදු කෙරෙනවා.

‘නත්තල’ බෙදාගැනීමේ සහෝදරත්වය පතළ කිරීමේ උත්සවයක් වන අතර දෙවියන් වහන්සේගේ ධර්මයට අනුව සාමය නත්තලේ ප්‍රධානතම අරමුණයි.

අද දිනයේ දී ආසියාතික – පැසිෆික් කලාපීය රටවලට සේ ම ඇතැම් යුරෝපානු කලාපයන්ට ද නත්තල උදා වූ අතර ඇතැම් රාජ්‍යයන්ට ඊයේ (24) රාත්‍රියේ දී මෙන් ම අද අලුයම ද මෙම අසිරිමත් නත්තල උදා වුණා.

ඉතිං අද දිනයේ දී මෙරට පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මධ්‍යම රාත්‍රී 11.40ට ආරම්භ කෙරුණේ; ජා-ඇළ වික්ෂෝප දේවමාතා දෙව්මැදුරේ දී යි.

කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව දේවස්ථානවලට ගොස් නත්තල වෙනුවෙන් ආගමික වාතාවත්වල නිරතවන්නැයි කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා කිතුණු බැතිමතුන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ ආගමික ස්ථානවල, දේවස්ථානවල පොලීසිය සහ හමුදාවන් යොදවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ පදවිය සහ ලංකාවේ අනෙකුත් පදවිවල අතිඋතුම් රදගුරුතුමන්ලා ඒ ඒ විශේෂ දේවස්ථානවල දී එම දිව්‍ය යාගයන් සිදු කරන බවත් කතෝලික හැම දේවස්ථානයක දී ම දිව්‍ය යාගය ඉතා උත්කර්ෂවත්ව ප්‍රීතියෙන් සමරනු ලැබූ බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58