ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17 සිට සතියක්

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරියට අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත්වුණා.

බාලදක්ෂ ජම්බෝරිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් අනුග්‍රහය දක්වන රාජ්‍ය ආයතන සහ මූල්‍යමය අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින් ඊට ලබා දෙන දායකත්වය සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 115ක් සපිරීම නිමිත්තෙන් 11 වන වරටත් සංවිධානය කරන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 වසරේ ජනවාරි මස 17 වෙනි දින සිට 23 වෙනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා දෙස් විදෙස් බාලදක්ෂයින් 12,000කට අධික ප්‍රමාණයක් සහභාගි වීමට සැලසුම් කර තිබෙනවා.

පාසල් ළමුන්ට ඉතා සුවිශේෂ අවස්ථාවක් වන බාලදක්ෂ ජම්බෝරිය සාර්ථක කර ගැනීමට සහාය දැක්වීම ඉතා වැදගත් බවත්, මේ වෙනුවෙන් රජය උපරිම සහාය ලබා දීමට සමගාමීව පෞද්ගලික අංශයේ දායකත්වයද අවශ්‍ය බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර, ජාත්‍යන්තර කොමසාරිස් හා ජම්බරි සම සංවිධායක වෛද්‍ය අසංක ඒරියාව, ජම්බරි සම සංවිධායක සහාය ප්‍රධාන කොමසාරිස් ඉංජිනේරු අමිල් අබේසුන්දර යන මහත්වරු, සහකාර ප්‍රධාන කොමසාරිස්වරු, රාජ්‍ය ආයතනවල නිලධාරීහු, රාජ්‍ය සහ පෞද්ගලික අනුග්‍රාහක සමාගම්වල නිලධාරීහු, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57