ජාත්‍යන්තර හොරෙක් රටට ඇතුළු වෙන්න හදද්දී අල්ලයි

සයිබර් මූල්‍ය වංචා ජාලයකට සම්බන්ධ යැයි සැක කෙරෙන චීන ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මෙම 28 හැවිරිදි චීන ජාතිකයා ඊයේ (23) පස්වරුවේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

පරිගණක උපාංග විශාල ප්‍රමාණයක් ද රැගෙන පැමිණි මොහු පිළිබද ඇති වූ සැකය මත ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්ණ කිරීම්වලදී , ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙකු හමුවීමට තමා පැමිණි බවයි ඔහු පවසා ඇත්තේ.

සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්ණ කිරීමේදී ජාත්‍යන්තර සයිබර් මූල්‍ය වංචා ජාලයක සුළමුළ අනාවරණය වීමත් සමඟ ඔහුව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර චීන ජාතිකයා අද (24) දින ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බවයි ගුවන් තොටුපොල දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
10
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40