ජාත්‍යන්තරය දිනූ ලාංකික කාය වර්ධන ශූරියක් දිවයිනට (ඡායාරූප)

ඇමෙරිකා එක්සත් ජනපදයේ 2023 ඔලිම්පියා ඇමේචර් ( Olimpia Amateur ) ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට වයස අවුරුදු 35 බිකිනි අංශයෙන් තරග වැද; එහි තුන්වන ස්ථානයත්, එහි ලෝක ශූරතා තරගාවලියේ බී කාණ්ඩය යටතේ පැවති බෙන් වීඩර් නැචුරල්ස් ( Ben Weider Naturals ) තරගාවලියේ දී දෙවන ස්ථානයත් දිනාගත් දිල්රුක්ෂි ආරච්චිගේ ක්‍රීඩිකාව මෙරටට පැමිණ තිබෙනවා.

අද (08) උදෑසන මෙම ක්‍රීඩිකාව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

මෙම ඔලිම්පියා ඇමේචර් කායවර්ධන තරගාවලිය ලෝකයේ රටවල් 70ක ක්‍රීඩිකාවන් 380 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නුවර දී පැවැත්වුණා.

ලෝක ශූරතා බෙන් වීඩර් නැචුරල්ස් තරගාවලිය ලෝකයේ රටවල් 110ක; ක්‍රීඩිකාවන් 180 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔලැන්ඩෝ නුවරදීයි පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ.

ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් අනුව ඔලිම්පියා ඇමේචර් කායවර්ධන ශූරතා තරගාවලිය ලෝකයේ අංක 01ට පත් වී තිබෙන අතර, මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන එකම ක්‍රීඩිකාව වන්නේ ද දිල්රුක්ෂි ආරච්චිගේ පමණක් වීම ද විශේෂත්වයක්.

ඇය මෙම ජයග්‍රහණ රැගෙන අද උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මොවුන් දෙදෙනා පිළිගැනීම සඳහා දිල්රුක්ෂි ආරච්චිගේ සොහොයුරු සොහොයුරියන්, මෙන් ම ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියා.

20240708 100051 scaled
20240708 101445 scaled
20240708 095417 scaled
20240708 095917 scaled
20240708 095536 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39