ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පහරදීමේ වීඩියෝව පත්තු වෙද්දී පොලිසියෙන් ලැබුණු විශේෂ සැලකිල්ල හඬ පට සහිතව මෙන්න

මහජනතාවට පිහිටට ඉන්න ආයතනයක් තමයි පොලිසිය.
හැබැයි මහජනතාවට ආරක්ෂාවක් වගේම පිහිටක් මේ පොලිසිය මගින් වෙනවද..?
උතුම් පොලිස් නිලධාරීන් මේ දෙපාර්තමේන්තුවේ නම බබලවද්දි සම+හරක් නිලධාරීන් නිසා පොලිස් දෙපාර්තමේන්තුවේම නම කැත වෙන සිද්ධි ගැන අපිට විටින් විට අහන්න දකින්න ලැබෙනවා.
යුනිෆෝම් එකක් අන්දවලා බලයක් ලබාදීලා තියෙන්නේ මිනිස්සුන්ව පීඩාවට පත් කරන්න නෙවෙයි කියන එක ඇතැම් නිලධාරීන්ට අමතකයි.
ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් යම් වරදක් සිදුකළොත් ඒ ගැන සිදුකරන පරීක්ෂණ නිසියාකාරව සිද්ධ වෙනවද..?
මේ ගැන ඇත්තටම මිනිස්සුන්ට විශ්වාසයක් තියන්න පුළුවන්ද..?
නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ පෙන්නලා මිනිස්සුන්ව රවට්ටන එක හුගක් සිද්ධිවලින් කාටත් දකින්න පුළුවන්.
පොලිසිය ගැන අපි මේ විදිහට කතා කරන්න හිතුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් තරුණයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් නිසා.
මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළාම ඔවුන් අපිට කිව්වේ මේ වෙද්දි ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මගින් පරීක්ෂනයක් සිදුවෙමින් පවතිනවා කියලයි.
මේ සිදුවීම ගැන දැන ගන්න අපි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාව සම්බන්ධ කරගන්න පොලිස් මූලස්ථානයෙන් ඔහුගේ දුරකථන අංකය ඉල්ලා සිටියත් අවස්ථා දෙකකදීම ලබාදුන්නේ නෑ..
ඔවුන් කාර්යාල අංකයක් ලබාදෙමින් පැවසුවේ ඒ ඔස්සේ ඔහුව සම්බන්ධ කරගන්නා ලෙසයි.
නමුන් ඉන් පසුව අපි වෙනත් පළාතක් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ දුරකථන අංකයක් ඉන් පසුව ඉල්ලා සිටියා.
ඒ අවස්ථාවේදී ඔවුන් කිසිදු විමසීමක් නොකරම එය ලබාදීමට පොලිස් මූලස්ථාන 011 2421111 ඔස්සේ කටයුතු කළා.
ඕනෑම ඉහළ පොලිස් නිලධාරියෙකුගේ දුරකථන අංකයක් ලබාදීමට කටයුතු කරද්දී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අංකය ලබාදීමට ඔවුන් මැලි වන්නේ ඇයි..?
මෙවැනි සිදුවීම්වලින් අපට පැහැදිලි වන්නේ නීතිය නිසි අයුරින් සිදුවේවිද කියන සැකයයි.
නැතිනම් කාගේ දැනුම්දීමකින් ඔහුගේ දුරකථන අංකය පවා ලබාදීම නවතා දැමීමට හේතුව කුමක්ද.?
වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සහ ගත්තේ මෙහි ඇත්ත නැත්ත පිළිබඳව දැනගැනීමටයි.
නමුත් පොලිසිය විසින්ම ඔවුන්ව ආරක්ෂා කරනවාද යන සැකය සාමාන්‍ය ජනතාවට පවා ඇත් වන්නේ මෙලෙස එක් පුද්ගලයෙකුට එක නීතියකුත් තවත් පුද්ගලයෙකුට තවත් නීතියකුත් පොලිසිය තුලම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් නොවේද..?

අප විසින් ඔහුව සම්බන්ධ කරගැනීමට පොලිස් මූලස්ථාන අංකයෙන් විමසීමක් කළ අයුරු සහ වෙනත් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධ කරගැනීමට උත්සහ කිරීමේදී ලැබුණු ප්‍රතිචාරය පහතින්…

https://youtube.com/watch?v=nQyoALynwDA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00