ජල විදුලිය උත්පාදනයට ප්‍රමාණවත් ජලය නිකුත් කිරීමට එකඟතාව

ජල විදුලිය උත්පාදනයට ප්‍රමාණවත් ජලය ජලාශවලින් නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර්යාලය එකඟ වී තිබෙනවා.

ඒ, අනුව ඉදිරි දින දෙක සඳහා ජල විදුලිය උත්පාදනය කිරීමට ප්‍රමාණවත් තරම් ජලය, ජලාශවලින් නිකුත් කිරීමට එකඟත්වය හිමි වූ බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ දී විදුලි කප්පාදුවකින් තොරව යෑම සඳහා ජල විදුලියෙන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් උත්පාදනය කිරීමට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් නිකුත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් ජල කළමණාකරණ ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
4
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?