ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් (DIHK) මූලස්ථානයේදී පැවැත් වුණා.

එහි ප්‍රධාන දේශනය සිදුකළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, ශ්‍රී ලංකාවේ සංවර්ධන ශක්‍යතා සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා ආදිය පිළිබඳව සිය අදහස් පළ කළා.

විශේෂයෙන්ම වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා හමුවේ ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර සහ ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද එම දේශනයේදී විශේෂ අවධානය යොමු කෙරුණා.

“ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම: ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා” යන මැයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා ද මෙහිදී දේශනයක් සිදුකළා.

මෙහිදී ජර්මානු සමාගම් විසින්, නිෂ්පාදනය සහ මූලාශ්‍ර, විදුලිබලය සහ පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය, සැපයුම් සහ ප්‍රවාහනය, වෘත්තීය පුහුණුව, තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් සුරක්ෂිතතාව ආදී කරුණුවලට අදාළව ඉදිරිපත් කිරීම් සිදු කෙරුණා.

මේ සඳහා Siemens Energy, Continental AG, GTAI, Giesecke+Devrient GmbH ආදී ඉහළ මට්ටමේ ජර්මානු සමාගම් සහභාගි වුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න, ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගමයේ (DIHK) විධායක මණ්ඩල සාමාජික ආචාර්ය වොල්කර් ට්‍රියර්, ජර්මානු ෆෙඩරල් ආර්ථික කටයුතු සහ දේශගුණික ක්‍රියාමාර්ග (BMWK) දකුණු සහ අග්නිදිග ආසියාවේ සහ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු ඕෂනියා කලාපයේ අංශ ප්‍රධානී ටෝබියස් පියර්ලින්ස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?