ජපාන සංචාරයක අවසන් කරමින් ජනපති දිවයිනට (වීඩියෝ)

ජපානයේ නිල සංචාරයක අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා අද (01) උදෑසන 09.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ජපන් රජයෙන් ලැබුණු ආරාධනයකට අනුව ජනධිපතිවරයා, ඇමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වීමෙන් අනතුරුව ජපානය බලා පිටත්ව ගියා.

ඒ, අනුව පසුගිය සැප්තැම්බර් 27 වන දා සිය ජපාන නිල සංචාරය ආරම්භ කළ ජනාධිපතිවරයා ජපානයේ, ඔසාකා නුවර පැවති “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතීන දීර්ඝකාලීන සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සබඳතා පුළුල් කෙරෙන ද්විපාර්ශ්වික සාකච්ඡා රැසකට ද ජනාධිපතිවරයා මෙහිදී එක් වූ අතර, ඒ අනුව, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා, ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු, ආරක්ෂක අමාත්‍ය ඩීඑම් නකටානි යන අමාත්‍යවරු සහ නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) සභාපති ටනාකා අකිහිකෝ ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.

එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක ජපාන අධිරාජ්‍ය මන්දිරයේදී ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වී සුහද පිළිසඳරකද නිරත වුනේ ඊයේ (30) දිනයේදියි.

මේ අතර, ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකටද එක් වූ ජනාධිපතිවරයා ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන්- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය සඳහා ද එක් වූ අතර ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සහ මේ වන විට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති ආයෝජන හිතකර පරිසරය පිළිබඳව එහිදී පැහැදිලි කළා.

ජපාන – ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියෙහි (Project for the Enhancement of Productivity in the Dairy Sector) ප්‍රදාන ගිවිසුමට (Grant Agreement) අත්සන් තැබීමද ජනාධිපතිවරයාගේ සංචාරයට සමගමීව සිදු කෙරුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56