ජනාධිපති අරමුදලේ සියලු සේවා ඔන්ලයින් ක්‍රමේට

ජනාධිපති අරමුදලින් ජනතාවට සැපයෙන සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජුනි මස 21 වන දා සිට ආරම්භ කරන බව
ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබාදීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීම පසුගිය පෙබරවාරි 07 වනදා සිට ආරම්භ වුණා.

මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවා ද මේ අයුරින් විමධ්‍යගත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ, අනුව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා ‍දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබාදෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබාදෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබාදෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන් හි සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබෙන.

මෙම වැඩසටහනත් සමඟ වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට අයදුම් කිරීමට එහි ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදාවනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර, වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාදීමට ද බලාපොරොත්තු වනවා.

තවද, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩ ද මෙමගින් සීමා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56