ජනපති සමඟ පැවති සාකච්ඡාවේදී Work From Home පිළිබද අවධානය

මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්වය හේතුවෙන් අතවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වා ගෙන යාමේදී මතු වී ඇති තත්වයන් පිළිබඳව අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී සාකච්ඡාවේදී සෞඛ්‍ය සේවය නිසි පරිදි පවත්වාගෙනය යාම පිළිබඳ විශේෂ අවධානය යොමුව ඇති අතර ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීයව පවත්වා ගෙන යාමේ හැකියාවන් පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම කෘෂි කර්මාන්ත, ධීවර හා කර්මාන්ත අංශයන්හි ඉන්ධන අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඩිජිටල් කේත ක්‍රමය (QR) කඩිනමින් විධිමත් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා.

අධ්‍යාපන ආදී ක්ෂේත්‍රයන් පවතින තත්වය හමුවේ පවත්වාගෙන යා යුතු අකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම වෙනුවෙන් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
16
+1
2
+1
3
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවංගත තම පියාට පුෂ්පෝපාහාර දැක්වීමට සජිත් ප්‍රේමදාස එයි..එජාප නවීන් ඇතුළු සෙට් එකක් ඇවිත්
04:00
Video thumbnail
කම්කරු දිනයේ වඩිවේල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජනපති රතු ෂර්ට් එකකුත් දාගෙන ගැම්මෙන් නුවරඑළියට ආ හැටි
01:25
Video thumbnail
දිලිත්ගේ මැයි රැළියට ජන ගඟක් ගලාගෙන එන හැටි
01:50
Video thumbnail
හිටපු ජනපති මහින්දයි පුතයි හිනාවෙවී කතා කරන හැටි..ටී.බී.ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වපු අයුරු
04:54
Video thumbnail
රුවන්වැලි මහා සෑයට, ශ්‍රී මහා බෝධියට විශාල බැතිමතුන්ට පිරිසක් පැමිණෙයි
01:15
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39