ජනපති රනිල් චීනය බලා පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සදහා ඊයේ (15) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් චීනය බලා පිටත්ව ගියා.

චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව සහ ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා අවශ්‍ය සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වනවා.

ජනාධිපතිවරයා සමඟ තවත් දූත පිරිසක් ද චීනය බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඊයේ (15) රාත්‍රී 09.46ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ – 232 දරණ ගුවන් යානයෙන් චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

  1. OBA ENNAAA….OBA AWITH YANNA ENNNA….
    MEHETA WADIYA INNE KOHE HARI RATAKA NISA INDHALA HITALA HARI..
    OBA AWITH YANNA ENNAA…
    MEYA 1977 APU DA INDHAN ME DAKWA WARA DAHAS GANAK MEHEMA GIHIN THIYENAWA. EKAMA RATATA GIYA WARA GANAN 10 WAGA ATHI.
    NAMUTH KADEYI YANA EKEKUTA KIYANNA HAKITHA MEYA HUNU BIJJAK THARAM DEYAK WATH RATATA MINISSUNGE YAHAPATHATA ARAGENA AWADHA KIYALA. EDHATH PINA ADATH PINA HETATHH PINA. MATA KATINUTH SINA, PU…TH SINA. HATHARA HINA.