ජනපතිගේ ප්‍රකාශයට විපක්ෂ නායකගෙන් පිළිතුරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විකෘති කතා සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මැතිවරණයක් නොමැති බව පවසමින් ජනාධිපතිවරයා උද්ධච්ච ලෙස කටයුතු කරන බවයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි මැතිවරණයක් නොපවත් වන්නේ නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා භාර දුන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරනවා.

ජාතික මැතිවරණ කොමිසම නිල වශයෙන් මැතිවරණය පැවැත්වීමට දින නියම කර නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

මැතිවරණය කල් දමන ලෙසට විපක්ෂය ඉල්ලීම් කර ඇති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද සමගි ජන බලවේගය එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

මැතිවරණ කල් දැමීම තුලින් ජනාධිපතිවරයා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කරන අතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද උදුරා ගන්නා බව ඔහු පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?