ජනක රත්නායකගේ අතිශය පුද්ගලික තොරතුරු සමාජ මාධ්‍යට මුදාහැරලා; නඩුව යළි කැඳවීමට නියෝග

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකගේ ජීවිතය හා සම්බන්ධ අතිශය පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරිය ඇතුළු පාර්ශ්ව කීපයකට එරෙහිව පවරා ඇති නඩුව ජනවාරි 05 වන දින යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද(8) නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී එම නඩුවේ තුන්වන වගඋත්තරකරු වන කමන්ත තුෂාර සහ හයවන වගඋත්තරකරු වන ඕෂල හේරත් එම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළා.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මුදාහැරීම සම්බ්නධයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව පූර්වාගාමී මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුගේ හිටපු ලේකම්වරියක් ඇතුළු වගඋත්තරකරුවන් 08 දෙනකුට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කර තිබුණා.

පී අයි ඒ.ගයත්‍රි බිම්බා, ඕෂල හේරත්, යසලාල් පෙරේරා, කවිශ්වර ගුණරත්න, ජාමුණි කමන්ත තුෂාර යන අය සිද්ධියට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

තමා යටතේ සිටි ලේකම්වරියක් ඇතුළු වගඋත්තරකරුවන් කීපදෙනෙකු තමාගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය කර ඇති බව හෝ සංසරණය කිරීමට උත්සාහ ගන්නා බවට පෙත්සම්කරු වෙනුවෙන් නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ප්‍රමුඛ නිතිඥ මඩුල්ල පෙර නඩු දිනයේදී කරුණු දක්වා තිබුණා.

2024 අංක 9 දරණ මාර්ගගත ආරක්ෂණ පනතේ 24 වන වගන්තිය යටතේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?