ඡන්දෙට මුදල් ලබානොදීමේ යෝජනාවක් ගෙන එන කතාව බොරුවක් – මුදල් රාජ්‍ය ඇමති

මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිඳු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සති අන්ත පුවත්පත් කිහිපයක ප්‍රධාන පුවත් සිරස්තල ලෙස වාර්තා කර තිබූ ආකාරයෙන් මැතිවරණය සඳහා මුදල් ලබා නොදීමේ යෝජනාවක් හෝ මුදල් නොමැති බව දන්වා සිටීමේ කිසිඳු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද (05) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ එවැනි සූදානමක් නැතත් භාණ්ඩාගාරය ඉහළ කළමණාකාරීත්වයකින් පවත්වාගෙන යෑමට කටයුතු කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?