ඡන්දය ගැන විශේෂ තීරණයක් ඉදිරි දින කිහිපය තුළ

ඉදිරි දින තුන ඇතුලත ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යන අතර දැනට ගැටලුවක් මතු වී නොමැති බවයි.

මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සිදුකරන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මැතිවරණයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ඉල්ලීම් කළ නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?