Indian Premier League

ඡන්දය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම හෙට යළි විභාගයට

රට තුළ ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් වරයකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

එම පෙත්සම හෙට එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.

මෙම පෙත්සම පසුගිය 10 වන දා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වැඩිදුර සලකා බැලීම ලබන 23දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

අදාළ පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් කර්නල්වරයා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ගොනු කරනු ලැබුවා.

මෙම පසුබිම යටතේ යි අදාළ පෙත්සම හෙට දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.

විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව් එම්. ආර්. විජේසුන්දර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?