spot_imgspot_img
spot_img

චෙස් පදක්කම් දිනූ දෙසඳි දිවයිනට (ඡායාරූප)

ඕමානයේ පැවති ලෝක ආධුනික විවෘත චෙස් ශූරතා තරගාවලියේ දී ජාත්‍යන්තර වර්ගීකරණය අනුව 2000න් පහළ කාණ්ඩයේ කාන්තා අංශයේ (U 2000 Women category) දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගත් දෙසඳි දිහංසා ගමගේ අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය වාර්ෂිකව පවත්වනු ලබන අතර මෙවර එය පසුගිය 1 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වුණේ ඕමානයේ මස්කට් නුවරදීයි.

දෙසඳි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක වන අතර පසුගිය 2017 වසරෙන් වසර 06 කට පසුව මෙවැනි චෙස් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සමත් වී සිටිනවා.

ඇය අද අලුයම 04.20ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ OV- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඇය පිළිගැනීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ නිලධාරීන්, ඉගෙනුම ලබන පාසැලේ ගුරු භවතුන් සහ දෙමාපිය නෑදෑ හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?