චීනයේ පාසල් බස් රථයක් පිරිසක් අතරට කඩා වැදී දරුණු අනතුරක් – 11ක් මිය ගිහින්

චීනයේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩා වැදීමෙන් අද (03) දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

චීනයේ ෂැන්ඩොං පළාතේ සිදු වූ මෙම අනතුරින් සිසුන් පස් දෙනෙක් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වුණේ.

තායියාන් නගරයේ පාසලක ගේට්ටුවෙන් පිටත සිසුන් සහ දෙමාව්පියන් පිරිසක් සිටගෙන සිටිය දී බස් රථය ඔවුන් අතරට කඩා වැදී ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර, රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙය හිතාමතා සිදු වූවක් ද යන්න පැහැදිලි නොමැති අතර, සිධිය සම්බන්ධයෙන් පරීක්ෂක පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54