දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති
නඩුවක් පෙබරවාරි 09 වන දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (03 ) දින නියම කළා.
එදිනට බන්ධනාගාරයේ සිටීනම් සැකකරුවන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.
මෙම නඩුව අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බොදරගම මහතා හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බැවින් ඉදිරි දිනයක් ලබාදෙන ලෙස ද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.
සැකකරු අද දින අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා පවසා සිටියේ සිය සේවාදායකයා මේ වන විට වෙනත් නඩුවකට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු බැංකු ගිණුම්වලින් නියමිත කාලයට පෙර ඉවත් කර ගැනීම මගින් රජයට රුපියල් මිලියන 17.3කට අධික පාඩුවක් සිදුකළ බවට මෙම පැමිණිල්ල මගින් චෝදනා ගොනු කර තිබෙනවා.










