එළඹෙන 15 වැනිදා එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය අද (05) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
පසුගිය LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස නිත්‍ය නායක කුසල් මෙන්ඩිස්ට මෙම තරගාවලිය අහිමි වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර දැනුම් දුන් අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවුණේ, සංචිතය සඳහා උප නායකයා ලෙස නම් කළ චරිත් අසලංකටයි.
එමෙන්ම සංචිතයට නම්කර සිටි වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ඇති වූ ආබාධ තත්ත්වය හේතුවෙන්, ඔහුව සංචිතයෙන් ඉවත් කර ඔහු වෙනුවට වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක සංචිතයට කැඳවනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ අද (05) පස්වරුවේ කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යන බවයි.
තරගාවලියේ පළමු තරගය ලබන ලබන 15 වැනිදා පැවැත්වෙනවා.













