ඝාතකයා සිදුකළ පාපොච්චාරණයෙන් පසු වළදමා තිබූ ෆාතිමාගේ දේහය ගොඩගැනේ

ගම්පොළ, ඇල්පිටිය ප්‍රදේශයේ සතියකට ආසන්න කාලයක සිට අතුරුදන්ව සිටි ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ගොඩගත්තා.

එලෙස ගොඩගත් සිරුර ඇයගේ ඥාතීන් විසින් හඳුනා ගැනුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ෆාතිමා මුනව්වරා නැමැති මෙම තරුණිය ඝාතනය කර වළ දැමූ බවට මේ වනවිට අත්අඩංගුවේ පසුවන 24 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (12) පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබුණා.

ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ මෙම තරුණිය පසුගිය ඉරිදා සිය සේවා ස්ථානයට යමින් සිටි අතර තුර අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වුණා.

ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකළ පොලිසිය සිද්ධියට සැකපිට ප්‍රදේශයේ එළුවන් බලාගැනීමේ රැකියාවක නිරතව සිටි තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව එම සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ, තමා තරුණියට අතවර කිරීමට උත්සාහ කළ බවත්, ඇය ඊට එරෙහිව වීම හේතුවෙන් කැලෑබද ප්‍රදේශයට ඇදගෙන ගොස් ඝාතනය කර වළදැමූ බවයි.

සැකකරු විසින් ලබාදුන් එම තොරතුරුවලට අනුවයි ෆාතිමා මුනව්වරා වළදමා ඇති ස්ථානය හඳුනාගෙන ඇයගේ දේහය ගොඩ ගැනීමට මෙලෙස කටයුතු කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
9
+1
0
+1
3
+1
42
+1
9
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?