ගෝලීය පාලනයේ දී නව ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ගැන BRICS රටවල සමීක්ෂණයකින් හෙළිවෙයි

වත්මන් ගෝලීය සන්දර්භය තුළ BRICS සහයෝගීතාව නියෝජනය කරන නැඟී එන වෙළෙඳපොළ සහිත රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සාමූහික වර්ධනය ප්‍රධාන වශයෙන් වෙනස් වෙමින් පවතිනවා.

පොදු යහපත උදෙසා කුමන බලපෑම් හමුවේ වුව ද ධනාත්මක මෙන්ම ස්ථායී බලවේගයක් ලෙස BRICS සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය වනු ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ද ප්‍රකාශ කර ඇත්තේ.

චීන මාධ්‍ය සමූහයේ CGTN ආයතනය චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය සමග එක්ව නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන ආයතනයේ සහභාගීත්වයෙන් 1,634ක් වූ BRICS රටවල පුද්ගල නියැදියකින් සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එයට සහභාගී වූ බහුතරයක් BRICS සංවිධානය ගෝලීය පාලනය සඳහා නව ශක්තියක් එක් කර ඇති බවට සඳහන් කර තිබෙනවා.

වර්තමාන ලෝකයේ බහුපාර්ශ්විකත්වය සහ ඒකපාර්ශ්විකත්වය අතර මෙන්ම සාධාරණත්වය සහ ආධිපත්‍යය අතර ගැටුම් තීව්‍ර වෙමින් පවතිනවා.

ආර්ථික ගෝලීයකරණ අභියෝගවලට ද මුහුණ දීමට සිදු ව ඇති අතර ගෝලීය උතුර සහ දකුණ අතර සංවර්ධන පරතරය ද තවදුරටත් පුළුල් වන අයුරු දැකගත හැකියි.

සංවර්ධිත රටවල් සුළු ප්‍රමාණයක ආධිපත්‍යය යටතේ ජාත්‍යන්තර පටිපාටියේ ආයතනික ස්වභාවය සහ දැඩි ප්‍රතිවිරෝධතා මනාව ප්‍රත්‍යක්ෂ වෙමින් පවතිනවා.

මෙවන් පසුබිමක වඩාත් සාධාරණ නව ජාත්‍යන්තර පටිපාටියක් නිර්මාණය කිරීම BRICS රටවල ප්‍රධාන අභිප්‍රාය බවට පත්ව තිබෙනවා.

මෙම සමීක්ෂණයේ දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 96.2ක් ලොව රටවල් ජාත්‍යන්තර කටයුතුවලට සමාන සහභාගීත්වයක් දැක්විය යුතු බවත්, ජාත්‍යන්තර පද්ධතිය ස්ථාපිත කිරීමට සාමුහිකව කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තවත් සියයට 72.6ක පිරිසක් සංවර්ධිත රටවල ආධිපත්‍යය හිමි වත්මන් ජාත්‍යන්තර නීති ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ජාත්‍යන්තර පටිපාටියේ කුමන අංශ කඩිනම් ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු ද යන්න විමසීමේ දී එයට ප්‍රතිචාර වශයෙන් BRICS රටවල ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 63.6ක් ජාත්‍යන්තර සංවිධානවල තීරණ ගැනීම වඩාත් විනිවිදභාවයකින් යුක්ත විය යුතු බවට සඳහන් කර තිබෙන්නේ.

මේ අතර සමීක්ෂණයට සහභාගී වූ සියයට පනහකට ආසන්න පිරිසක් වෙනත් රටවලට විරුද්ධව මිලිටරි සම්බාධක පැනවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ජාත්‍යන්තර සහනාධාර, දැනුම සහ තාක්‍ෂණ හුවමාරුව තුළ දී උතුරු-දකුණු පරතරය අඩු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

දිගු කාලයක් තිස්සේ BRICS රටවල පොදු අපේක්ෂාව සහ වගකීම වූයේ සාමය, සංවර්ධනය, සහයෝගීතාව සහ ජයග්‍රාහී ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීමයි.

එහි ආරම්භක සාමාජිකයෙකු ලෙස, චීනය සිය සංවර්ධන දැක්ම සහ නවීකරණ ජයග්‍රහණ තුළින් BRICS යාන්ත්‍රණයට නව ජීවයක් එක් කර ඇති බව නොරහසක්.

සමීක්ෂණයේ දත්තවලට අනුව, චීනය සහ රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව අතර ආනයන හා අපනයන වටිනාකම 2009 වසරේ දී යුවාන් බිලියන 960.21 සිට 2023 දී යුවාන් ට්‍රිලියන 4.32 දක්වා වර්ධනය වී තිබෙනවා.

එහි සාමාන්‍ය වාර්ෂික වර්ධනය 11.3%ක්.

මේ වසරේ BRICS සහයෝගීතා යාන්ත්‍රණය තවදුරටත් පුළුල් කිරීමෙන් පසු, පළමු කාර්තු තුන තුළ පමණක් චීනය අනෙකුත් BRICS රටවල් සමග සිදු කළ ආනයන සහ අපනයනවල වටිනාකම යුවාන් ට්‍රිලියන 4.62 වූ අතර එහි වාර්ෂික වර්ධනය 5.1% ක්.

මෙම සමීක්ෂණයේ දී ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය උදෙසා මෙන්ම ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දීම ආදී ක්ෂේත්‍රවල දී BRICS සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා චීනය ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් වීම ද විශේෂත්වයක් බව වාර්තා වනවා.

එමෙන්ම සංවර්ධනයේ දී චීන නවීකරණ වැඩපිළිවෙළට සහ සියයට 88.6 ක් ජනතා කේන්ද්‍රීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳව ද සිය ප්‍රශංසාව පළ කෙරුණා.

ආර්ථික වර්ධනයේ නව ධාවකයන් හබා යමින් නවීන තාක්ෂණික විප්ලවය ඔස්සේ නව අවස්ථා සාක්ෂාත් කර ගැනීමේ චීන නවෝත්පාදන වෑයම සියයට 89.8ක පිරිසකගේ ප්‍රසාදයට ලක් වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20