ගෝල්ෆේස් පිටියේ කොඩි කණුව අසල පුද්ගල මළ සිරුරක්

ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් ඊයේ (28) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස සොගත් මළ සිරුර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකුගේ බවයි.

මෙම පුද්ගලයා කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙක් බවත් මොහු පසුගිය 27 වනදා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (28) උදෑසන මෙම පුද්ගලයා නිවසින් පිටව ගොස් ඇති බවත් විමර්ශන වලදී හෙළිව තිබෙනවා.

මරණකරුගේ ඥාතීන් විසින් මෘත ශරීරය හඳුනාගෙන ඇති අතර, කොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?