ගුරු සේවයට බඳවා ගැනිමේ තරග විභාගය කල්යයි

ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිමේ තරග විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත කල් දමා තිබෙනවා.

එම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ හෙට දිනයේ.

ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීම සදහා මෙම විභාගය පැවැත්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ තරග විභාගය පැවැත්වෙන ඊළඟ දිනය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත පසුව දැනුම් දෙන බවයි.

මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයට අදාළ තෙවන පාසල් වාරය අදින් අවසන් වී 2023 වර්ෂයේ නව පාසල් වාරය ලබන 27වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?