ගිවිසුමට අනුව ඊශ්‍රායලය, පලස්තීන සිරකරුවන් 90ක් නිදහස් කරයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවති දරුණු ගැටුම් අවසන් කරමින් සටන් විරාම ගිවිසුමකට මේ වනවිට දෙපාර්ශ්වයම එළඹුනා.

මෙම සටන් විරාම ගිවිසුමේ පළමු අදියරේ කොටසක් ලෙස බටහිර ඉවුරේ පලස්තීන සිරකරුවන් 90ක් නිදහස් කර ඇති බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය පවසනවා.

හමාස් සංවිධානය විසින් ගාසා නගරයේ රතු කුරුස සංවිධානයට ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමෙන් පසුව ඊයේ (19) දිනයේ දී මෙම පලස්තීන සිරකරුවන් පිරිස නිදහස් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊශ්‍රායල බන්ධනාගාරවලින් නිදහස් කරන ලද පලස්තීනුවන් අතර බටහිර ඉවුරේ සහ ජෙරුසලමේ කාන්තාවන් 69 දෙනෙකු සහ නව යොවුන් වියේ පිරිමි ළමුන් 21 දෙනෙකු සිටිනවා.

මෙලෙස නිදහස් කළ බොහෝ සිරකරුවන්ට නඩු විභාග කර හෝ වරදකරුවන් කර නොමැති බවයි වාර්තා වන්නේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ සටන් විරාමයේ පළමු අදියරේ දී ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 1,900ක් පමණ නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු පමණ නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 630 කට වැඩි ප්‍රමාණයක් ඉරිදා දිනයේ ගාසා තීරයට ඇතුළු වූ අතර, ඉන් අවම වශයෙන් 300ක් පමණ ගාසා තීරයේ උතුරු දෙසට ගමන් කළ බවයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප මහලේකම් ටොම් ෆ්ලෙචර් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16