ගිරා සොරකම අසාර්ථකයි – දෙදෙනෙකු අත්අඩංගුවට

විකිණීම සඳහා ඇති කරමින් සිටි රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මැකෝ වර්ගයට අයත් ගිරවුන් 06 දෙනෙකු සොරකම් කිරීමට ගිය කණ්ඩායමක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝගමුව, නාරම්පොල ප්‍රදේශයේ නිවසක කූඩුවල දමා තිබූ, පැටවුන් අභිජනනය සඳහා යොදා ගන්නා මැකෝ වර්ගයට අයත් මව් සතුන් 06 දෙනෙකු සොරකම් කිරීම සඳහා මෙම සැකකරුවන් පිරිස ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම විශේෂිත ගිරව් ජෝඩුවක වෙළදපොළ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වන බව සඳහන්.

සතුන් සොරකම් කිරීමට පැමිණ ඇති සැකකරුවන් හතර දෙනා මහනුවර, දිගන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හෙළිවී තිබෙනවා.

ගිරවුන් ඇති කළ ව්‍යාපාරිකයාගේ පියා රෝගාතුරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු බැලීම සඳහා ව්‍යාපාරිකයා නිවස වසා දමා මව ද සමඟ රෝහලට ගොස් සිටි අවස්ථාවේදීයි සැකකරුවන් සත්ත්ව සොරකම සඳහා පැමිණ ඇත්තේ.

කූඩුවල අගුල් බිඳ දමා ඒවායෙහි සිටි ගිරවුන් 06 දෙනෙකු ගෝනි කිහිපයක දමා රැගෙන යාමට සූදානම් වෙමින් සිටියදී ව්‍යාපාරිකයාගේ මව රෝහලේ සිට නිවසට පැමිණ ඇති අතර සුරතල් ගිරවුන් ගෝනි තුළ බියට පත්ව කෑගසමින් සිටින බව දුටු ඇය සතුන් බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් යොදමින් ⁣සැකකරුවන් සමඟ පොර බදා තිබෙනවා.

මෙහි දී සැකකරුවන් ඇයට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජන එල්ල කර ඇතත් ඉන් බියට පත් නොවූ ඇය ඔවුන් සමඟ දිගින් දිගටම පොර බදිමින් අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලීමෙන් ගිරවුන්ගේ සද්දයත් කාන්තාවගේ කෑගැසිල්ලත් ඇසුණු අසල්වැසියන් එම ස්ථානයට පැමිණෙන විටයි සැකකරුවන් සතුන් අතහැර පැමිණි යතුරු පැදිවලින් පළා ගොස් තිබෙන්නේ.

මව මෙම සිද්ධිය එම අවස්ථාවේදීම තම පුතුට දුරකථනයෙන් දැනුම්දී තිබූ අතර ඔහු නිවසට පැමිණෙන විට යතුරුපැදිවලින් පළා යන සැකකරුවන් දැක හඳුනාගෙන ඔවුන් පසුපස තම වෑන් රථයෙන් ලුහුබැඳ තිබෙනවා.

යග්ගපිටිය අධිවේගී මාර්ග පිවිසුම අසලදී වෑන් රථයෙන් එක් යතුරු පැදියක් හප්පා අනතුරට ලක් කර එහි ගමන් කළ සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගැනීමට ව්‍යාපාරිකයා සමත්ව ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වීමෙන් සැකකරුවන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර එක් සැකකරුවෙකුගේ පාදයකට බරපතළ හානි සිදුව ඇති බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන සිටින ඔවුන් දෙදෙනා පොලිස් ආරක්ෂාව සහිතව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ගෙන් එක් සැකකරුවෙකු විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු බව අනාවරණය වී ඇති අතර ඔවුන් කොල්ලය සඳහා රැගෙනවිත් තිබූ පිස්තෝලය සෙල්ලම් එකක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරුවන් වයඹ පළාත තුළ සිදුව ඇති සත්ත්ව සොරකම් රැසකටම සම්බන්ධ වූවන් බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා.

බෝගමුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21