ආරවුලක් දුර දිග යෑමෙන් පුත්තලමේදී සැමියෙකු විසින් සිය ගැබිනි බිරිඳ ඝාතනය කර, ප්රදේශයෙන් පළාගොස් තිබෙනවා.
පුත්තලම දිස්ත්රික්කයේ කරුවලගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ , කුබුක්වැව ග්රාම නිළධාරී වසමේ අඹු සැමි යුවලකගෙ ආරවුලක් දුරදිග යෑමෙන් 30 හැවිරිදි ගැබිනි මවක් ( මාස 4 හමාරක) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ සවස මෙම නිවසේ සැමියා විසින් තම 4මාස ගැබිනි බිරිඳට පහර දී ඝාතනය කර ඇති බවට වාර්ථාවෙනවා.
තම බිරිඳ පහරදී ඝාතනය කිරීමෙන් අනතුරුව සැමියා ප්රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව සොයා සාලියවැව පොලිසිය පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ස්ථානීය පරීක්ෂණය පුත්තලම අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් ඊයේ රාත්රීයේ සිදුකරන ලදි.
මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය පුත්තලම වැඩබලන මහේස්ත්රාත් වසීම් රාජා විසින් සිදුකරන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පුත්තලම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිත බවටත් වාර්තාවෙනවා.
