ගාසා තීරයේ ගංවතුර හේතුවෙන් දස දහස් ගණනක් නිවාස අහිමි තත්වයට පත්වෙයි
දැඩි වර්ෂාව හේතුවෙන් කූඩාරම් සහ තාවකාලික නවාතැන් දහස් ගණනක් විනාශ වී ඇති අතර, පලස්තීන සිවිල් ආරක්ෂක අංශ වෙත හදිසි ඇමතුම් 1,500කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
ගාසා තීරය පුරා අවතැන් වූ පලස්තීනුවන් දස දහස් ගණනකට අයත් නවාතැන් සහ කූඩාරම්, අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් හානියට පත්ව ඇති බව බලධාරීන් ප්‍රකාශ කරනවා.
බොහෝ පලස්තීනුවන්ට ජීවත් වීමට සිදුව ඇති තාවකාලික කූඩාරම්, අයහපත් කාලගුණයෙන් ආරක්ෂා වීමට ප්‍රමාණවත් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
“මෑතකදී ඇති වූ කුණාටුවෙන් පෙනී ගියේ ඔවුන් සතු ආරක්ෂාව කෙතරම් දුර්වලද යන්නයි. පැය කිහිපයක් ඇතුළත, දැඩි වර්ෂාව සහ ප්‍රබල සුළං හේතුවෙන්, දින ගණනක් තිස්සේ ශක්තිමත් කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කළ නවාතැන් විනාශ වී ගියා,” යැයි අල්-ජසීරා වාර්තාවේ සඳහන් වෙනවා.
රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, සිකුරාදා රාත්‍රියේ සිට ගාසා තීරයට ඇද හැලුණු අධික වර්ෂාව සහ ප්‍රබල සුළං හේතුවෙන් කූඩාරම් 70,000ක් ජලයෙන් යට වී ඇති අතර බිත්ති විශාල සංඛ්‍යාවක් කඩා වැටී තිබෙනවා. ඊට අමතරව ජලයෙන් තෙතබරිත වූ මෙට්ට, කොට්ට සහ ඇඳුම් තමා දුටු බවත්, අවතැන් වූ පලස්තීනුවන් 400,000කට ආසන්න පිරිසක් තවදුරටත් ගංවතුරට ගොදුරු වීමේ ඉහළ අවදානමක් ඇති ස්ථානවල රැඳී සිටින බවත් වාර්තාවෙනවා.
යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයට ලබා දෙන ආධාර සැපයුම් මත ඊශ්‍රායලය දැඩි සීමා පනවා ඇති පසුබිමක, මෙම ගංවතුර තත්වය හටගෙන ඇත්තේ දරුණු මානුෂීය අර්බුදයක් මධ්‍යයේය.
පලස්තීනයේ යුනිසෙෆ් (UNICEF) විශේෂ නියෝජිත ජොනතන් වීච් පැවසුවේ, බොහෝ දෙනෙක් “ඉතා දරුණු තත්වයන්” යටතේ ජීවත් වන බවයි. එබැවින්, අත්‍යවශ්‍ය ආධාර ලබා දීම සඳහා වැඩි අරමුදල් අවශ්‍ය බව ඔහු අවධාරණය කරනවා.
ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, මෙම කුණාටුවෙන් ඩොලර් මිලියන 3ක පමණ හානියක් සිදුව ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. කෙසේ වෙතත්, සහන සේවා සපයන සංවිධානවලට ආධාර සහ සහයෝගය ලබා දීම සඳහා වසර ගණනාවක් තිස්සේ දැඩි අරගලයක නිරත වීමට සිදුවෙනවා.
ගාසා සිවිල් ආරක්ෂක අංශය සඳහන් කළේ තමන් වෙත අවම වශයෙන් හදිසි ඇමතුම් 1, 2023 ඔක්තෝබර් 7 වන දින ආරම්භ වූ ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධය ගාසා තීරයේ නිවාස සහ යටිතල පහසුකම් විනාශ කර ඇති අතර, ආධාර, නවාතැන් සැපයුම් සහ ප්‍රතිසංස්කරණ ද්‍රව්‍ය මත පනවා ඇති අඛණ්ඩ සීමා කිරීම් හේතුවෙන් සහන කටයුතු ද බාධාවට ලක්ව තිබෙනවා.
දකුණු ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් හමාස් සංවිධානයේ නායකත්වයෙන් එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් 2023 ඔක්තෝබර් 7 වන දින මෙම ජන සංහාරක යුද්ධය ආරම්භ වූ අතර, එතැන් පටන් පුද්ගලයින් 74,640 කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්ව තිබෙනවා. 2025 ඔක්තෝබර් මාසයේදී “සටන් විරාමයක්” ක්‍රියාත්මක වීමට පටන් ගත් දා සිට, ඊශ්‍රායලය විසින් අවම වශයෙන් පලස්තීනුවන් 1,610 දෙනෙකු ඝාතනය කර ඇති බවට වාර්තාවෙනවා.
