සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සිටින සුධාරක දේවප්‍රිය යන අයගේ මෙහෙයවීම මත කපා කොටා අපරාධ සිදු කිරීම් වලට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු රුපියල් ලක්ෂ 04 ක් පමණ වටින අයිස් මත්ද්‍රව්‍ය, කඩු දෙකක් සහ GI බටයක් සමග අද(9 ) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්මලාන බොරුපන ප්‍රදේශයේ පදිංචි 20, 22, 27 හා 37 යන වයස්වල පසුවන පුද්ගලයන් සිව් දෙනෙක් එසේ අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත ගමගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්කිස්ස පොලිස් වසමේ බායි වත්ත ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුම් රාජකාරි වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව රුපියල් ලක්ෂ 04 ක් පමණ වටින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 ක් පමණ, තියුණු කඩු 02 ක් සහ සකසන ලද GI බටයක් සමගින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ බවට වාර්තාවෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කරනවා.
